එන්නත ලබා නොගත් අයට වෙන දේ
Saturday, 07 August 2021 - 12:00 | Views - 5,253
කොළඹ නගරය තුළ මේ දක්වා කොවිඩ් 19 එකම එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින් සොයා ඔවුන්ට එන්නත් ලබාදීමේ පිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල යටතේ ප්‍රජා පොලිස් ඒකක හා සෞඛ්‍ය අංශ එක්ව කොළඹ නගරයේ සිටිනා එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට රැගෙන ගොස් ඔවුන්ට පළමු එන්නත් මාත්‍රාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ වන විටත් එම වැඩපිළිවෙළ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
Share This Article