කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දිනෙන් දින මිය යන සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රෝහල්වල මෘත ශරීරාගාරවල තදබදයක් හටගෙන තිබෙනවා.
මෙලෙස තදබදය හටගෙන ඇත්තේ ආදාහනාගාරවල සිදුකරන ආදාහන කටයුතු සීමා සහිතව සිදුකිරීම හේතුවෙන්. කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ට අමතරව සාමාන්‍ය මරණ ආදාහනයත් සිදුකිරීම නිසා ආදාහනාගාර කාර්ය බහුල වී ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් රෝහල්වල මෘත ශරීර තැන්පත් කර ඇති අධි ශීතකරණවල ද ඉඩකඩ ඇහිරී ඇති බවට වාර්තා වනවා.
කොළඹ ජාතික රෝහලේ දැනට කොරෝනා ආසාදිතයින් 600ක් පමණ ප්‍රතිකාර ලබන අතර දිනෙකට කොරෝනා මරණ 12ත්, 15ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
මෙලෙස මෘත ශරීර එක්වීම හේතුවෙන් ඇතැම් ආදාහනාගාර පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබෙනවා.