කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ මෘත ශරීරාගාරවල තදබදයක්
Saturday, 07 August 2021 - 11:28 | Views - 593
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දිනෙන් දින මිය යන සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රෝහල්වල මෘත ශරීරාගාරවල තදබදයක් හටගෙන තිබෙනවා.

මෙලෙස තදබදය හටගෙන ඇත්තේ ආදාහනාගාරවල සිදුකරන ආදාහන කටයුතු සීමා සහිතව සිදුකිරීම හේතුවෙන්. කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ට අමතරව සාමාන්‍ය මරණ ආදාහනයත් සිදුකිරීම නිසා ආදාහනාගාර කාර්ය බහුල වී ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් රෝහල්වල මෘත ශරීර තැන්පත් කර ඇති අධි ශීතකරණවල ද ඉඩකඩ ඇහිරී ඇති බවට වාර්තා වනවා.

කොළඹ ජාතික රෝහලේ දැනට කොරෝනා ආසාදිතයින් 600ක් පමණ ප්‍රතිකාර ලබන අතර දිනෙකට කොරෝනා මරණ 12ත්, 15ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මෙලෙස මෘත ශරීර එක්වීම හේතුවෙන් ඇතැම් ආදාහනාගාර පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබෙනවා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top