කොළඹ පිපිරීම් විය හැකි බවට සමාජ මාධ්‍යයේ පළ වූ වාර්තා අසත්‍යයි
Saturday, 07 August 2021 - 10:56 | Views - 4,021
කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට සමාජ මාධ්‍යයේ පළ වන තොරතුරු අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපිරීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය තුළ පණිවුඩයක් හුවමාරු වන බවයි ඔහු කියා සිටියේ.
ගල්කිස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
Share This Article