ගල්ගමුව නිවසකින් මළසිරුරු 03ක් හමුවෙයි
Saturday, 07 August 2021 - 9:51 | Views - 757
ගල්ගමුව පොලිස් වසමේ මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබූ මළ සිරුරු 3ක් සොයා ගැනීමට ගල්ගමුව පොලිසිය අද උදෑසන සමත්වුණා.
අද උදෑසන මෙම නිවස පරීක්ෂාවට ලක් කෙරුණේ ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මතයි.
සොයාගත් සිරුරු තුන අතරේ වයස අවුරුදු විසි අටක් පමණ වන පිරිමි සහ කාන්තා මළ සිරුරු දෙකක් සහ වයස අවුරුදු දහයක් පමණ වන පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ද ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.
මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ ඊයේ රාත්‍රියේ ඇති වූ යම් බහින්බස්වීමකින් පසු අදාළ පිරිමි පුද්ගලයා විසින් කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවටයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන්යෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද සිදු කිරීමට නියමිත අතර ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
Share This Article