නාවලපිටිය පොලීසියෙන් අසාධාරණයක් - ඥාතීන්ගෙන් චෝදනා (Video)
Saturday, 07 August 2021 - 8:13 | Views - 533
විශ්‍රාමලත් පොලිස් සැරයන්වරයකුට උල් ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ වරදකට චෝදනා ලත් පුද්ගලයෙක් දින ගණනාවක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලීසිය පියවර නොගන්නා බවට පහරකෑ පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරනවා.

අදාල පහරදීමේ සිද්ධිය පසුගිය තුන් වන දා රාත්‍රී කාලයේ දී සිදුවූ බවටයි ඥාතීන් පවසන්නේ.

මෙම සිදුවීමේදී පහරකෑ ඩබ්ලිව්.ඩී ආරියපාල පොලිසියේ වසර තිස් තුනකට අධික සේවා කාලයක් නිමා කළ පොලිස් සැරයන් වරයෙක්.

ඔහු සිය ධුරයෙන් විශ්‍රාම ගොස් ඇත්තේය පසුගිය සතියේදී.

පසුගිය තුන්වැනිදා සිය වෙළඳසැලෙන් භාණ්ඩ කීපයක් මිලදී ගත් පුද්ගලයෙකු නිවසට ගෙනගොස් ඇරලීමට නාවලපිටිය හදුන්වල ප්‍රදේශයට පහරකෑ පොලිස් සැරයන්වරයා සිය ත්‍රිරෝද රථයෙන් පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී 11ට පමණ බවයි වාර්තා වන්නේ.

ඔහු යන මග අවහිර කරමින් නවතා තිබු කාර් රථයක් ඉවත් කිරීමට තමන් කීප වරක් සිය ත්‍රිරෝද රථයේ නලාව නාද කල බවත් ඉන්පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කරගැනීමෙන් පසු ඔහු අදාළ පුද්ගලයා නිවසට ඇරලවීමෙන් පසු එන අතරවාරයේ මෝටර් රථයේ සිටි පුද්ගලයා ත්‍රිරෝද රථය පසුපස හඹාවිත් තමන්ට පහර දුන් බවත් පහර කෑ විශ්‍රාමලත් පොලිස් සැරයන්වරයා පවසනවා.

මෙහිදී තමන්ට උල් ආයුධයකින් පහර දුන් බවත් තමාගේ ගෙල බැඳි ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකා ගත් බවත් පවසමින් ඔහු නාවලපිටිය පොලිීසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම පහර දීමට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලීසිය අසමත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නාවලපිටිය පොලීීසියෙන් සිදුකළ විමසීමකදී අපගේ ඇමතුමට පිළිතුරු දුන් නිලධාරීහු කියා සිටියේ පහරදීමට චෝදනා ලත් පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි අප සමග අදහස් දැක්වූ පොලිස් නිලධාරියා කියා සිටියේ.

කෙසේ වෙතත් පොලිස් සැරයන් වරයාට පහර දුන් පුද්ගලයා මීට පෙර සිදු කරන ලද රථ වාහන වරදක් හේතුවෙන් රිය ධාවන බලපත්‍රය අත්හිටවූ වූ පුද්ගලයෙක් බවයි වාර්ථා වන්නේ.

එමෙන්ම දින 14ක රක්ෂිත බන්ධනාගාර කාලයක් ගෙවා දැමූ අදාළ පුද්ගලයා ඉන් නිදහස් වී පැමිණ ඇත්තේ ද පහරදීම සිදුකළ දිනට දින කීපයකට පෙරාතුව බව පහරකෑ පොලිස් සැරයන්වරයාගේ ඥාතීන් චෝදනා කරනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top