නිරෝධායන නීති කැඩූ 94ක් අත්අඩංගුවට
Saturday, 07 August 2021 - 7:59 | Views - 370
නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 94දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53453ක් වන බවයි.
එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 7103දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
පුද්ගලයන් 198ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 68ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා.
Share This Article