පවතින කොරෝනා ව්‍යාප්තියත් සමඟ යළි සියළුම උත්සව සඳහා සීමා පනවා තිබෙනවා.
ඒ අනුව මංගල උත්සව පැවැත්වීමේදී 500ක ධාරිතාවයකින් යුත් ශාලා සඳහා උපරිම සහභාගි විය හැක්කේ පුද්ගලයින් 150කට පමණයි.
එමෙන්ම, 500ට වඩා අඩු ධාරිතාවකින් යුත් ආසන සහිත ශාලා සඳහා සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 100 දක්වා සීමා කර තිබෙනවා.
මීට අමතරව සියළුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමීමට අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
එමෙන්ම, අවමංගල්‍ය උත්සව සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව 25කට අඩු කර තිබෙනවා.
දැනට පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම ද යළි සීමා කර ඇති අතර ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි කැදවීමටයි අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වී ඇත්තේ.