මංගල උත්සව සඳහා යළිත් සීමා
Friday, 06 August 2021 - 15:14 | Views - 13,222
පවතින කොරෝනා ව්‍යාප්තියත් සමඟ යළි සියළුම උත්සව සඳහා සීමා පනවා තිබෙනවා.

ඒ අනුව මංගල උත්සව පැවැත්වීමේදී 500ක ධාරිතාවයකින් යුත් ශාලා සඳහා උපරිම සහභාගි විය හැක්කේ පුද්ගලයින් 150කට පමණයි.

එමෙන්ම, 500ට වඩා අඩු ධාරිතාවකින් යුත් ආසන සහිත ශාලා සඳහා සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 100 දක්වා සීමා කර තිබෙනවා.

මීට අමතරව සියළුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමීමට අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

එමෙන්ම, අවමංගල්‍ය උත්සව සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව 25කට අඩු කර තිබෙනවා.

දැනට පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම ද යළි සීමා කර ඇති අතර ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි කැදවීමටයි අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය වී ඇත්තේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top