කිලිනොච්චිය - විලාවෝඩෙයි ප්‍රදේශයේ කුඹුරක අස්වැද්දීම සඳහා භුමිය සකස් කිරිමේදී යුද හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමක කොටසක් සහ හිස් කබලක කොටසක් හමුවී තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කිලිනොචිචි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මුලිකත්වයෙන් එම ස්ථානයේ පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.
යුද සමයේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් විසින් ඝාතනය කළ යුද භටයින්ගේ මළ සිරුරු මෙම ස්ථානයේ මිහිදන් කර ඇති බවට පොලිසිය සැක කරනවා.