ඩෙල්ටා ප්‍රභේදයේ අතිශය වේගවත් පැතිරීමක්
Friday, 06 August 2021 - 9:16 | Views - 1,935
කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙල්ටා ප්‍රභේදයේ අතිශය වේගවත් පැතිරීමක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.
සිය නිළ ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු කියා සිටියේ කොළඹින් වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 75ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ රසායනාගාර පර්යේෂණයකින් මේ බව තහවුරු වී තිබෙනවා. පසුගිය ජුලි මාසයේ පළමු සතියේදී සියයට 13ක්ව පැවති කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය, ජුලි මාසය අවසන් සතිය වන විට සියයට 75ක් දක්වා වැඩි වී ඇති බව සඳහන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු වරට ඩෙල්ටා ප්‍රභේදය හඳුනා ගනු ලැබුවේ දෙමටගොඩ ප්‍රදේශයෙන්. කෙසේ වෙතත්, මේ වන විට කෝට්ටේ, කොළොන්නාව, අංගොඩ, නවගමුව, මහබාගේ, කටුනායක, මීගමුව, රත්මලාන, බේරුවල, ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවලින් ද එම ප්‍රභේදය ආසාදනය වූවන් හඳුනාගෙන තිබෙනවා.
Share This Article