කාන්තාවකගේ මළ සිරුරක් ගෝනියකින් හමුවෙයි
Friday, 06 August 2021 - 8:08 | Views - 764
ගෝනියක දැමූ කාන්තාවකගේ මළ සිරුරක් වාලච්චේන වෙළඳසලකින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

වෙළඳ සැලේ ගෝනි දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය  එම ගෝනි දෙක පරීක්ෂාවට ලක් කර ඇති අතර එක් ගෝනියක පොහොර ද  සෙසු ගෝනියෙ කාන්තාවගේ  මළසිරුරක්ද තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වාලච්චේන ප්‍රදේශයේ අතුරුදහන් වූ 55 හැවිරිදි කාන්තාවක්  අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය සැක කරන්නේ මේ ගෝනියේ ඇති මළ සිරුර එම කාන්තාවගේ බවයි.

මෙම කාන්තාව බැංකුවට යන බව පවසා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව නිවසට නොපැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ සැලේ හිමිකරු සහ තීරෝද රථ ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top