ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙන සත්‍යය - භයානක ඩෙල්ටා ව්‍යාප්තියක්
Friday, 06 August 2021 - 7:47 | Views - 786
මෙරට සමාජය තුල කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් සීඝ්‍රයෙන් පැතිර යන්නේ දැයි පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙම ට්විටර් පණිවිඩයට ඩෙල්ටා ප්‍රභේදයේ ජූලි මාසයේ ව්‍යාප්තිය පෙන්වා දෙන රූප සටහනක් එක් කරන ආචාර්ය ජීවන්දර සඳහන් කරන්නේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය සිත සසල කරන මට්ටමින් පැතිර යන බවයි.

ජූලි මස මුල් සතිය තුළදී කොළඹ නගරයේ කොවිඩ් 19 ආසාධිතයින් ගෙන් 75%කට වැඩි  ප්‍රතිශතයක් ඇල්ෆා ප්‍රභේදය සතු කරගෙන තිබුණු අතර ආචාර්ය ජීවන්දර ට්විටර් පණිවිඩය හරහා නිකුත් කළ සටහනේ දැක්වෙන ආකාරයට මෙම තත්ත්වය ජුලි 31 වන විට උඩු යටිකුරු වී තිබෙනවා.

මෙරට කොරෝනා රෝග තත්ත්වය සහ ව්‍යාප්තිය පිළිබඳ වඩාත් විශ්වසනීය තොරතුරු සපයන ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ‍ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයෙහි ආචාර්ය වරයාට අනුව ජූලි මස 31 වනදා වන විට කොළඹ නගරයේ කොරෝනා ආසාධිතයින් ගෙන් 90%ට වැඩි ප්‍රමාණයකට ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අතිශයින් සැලකිලිමත් විය යුතු බරපතළ  තත්ත්වයක් බවටයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top