ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්
Thursday, 05 August 2021 - 11:10 | Views - 4,276
මෙරටින් ඊයේ හදුනාගැනුනු නව ආසාදිතයන් 2,561 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.
එම සංඛ්‍යාව 393 ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 388 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගැනුනු ආසාදිතයන් සංඛ්‍යාව 382 ක්.
අනතුරුව වැඩිම ආසාදිතයන් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 250 ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
මහනුවරින් ආසාදිතයන් 200 ක් සහ මොණරාගලින් ආසාදිතයන් 116 දෙනෙකුද ඊයේ දිනයේ වාර්තාවී තිබෙනවා.
Share This Article