රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කර අද උදෑසන හතේ සිට දහවල් 11 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පරිපූරක හා අතුරු වෛද්‍ය, හෙද සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිත බවයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ආරම්භ කළ දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසන අවසන් වුණා.
up date..
දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද උදෑසන හතට ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.
බලධාරීන් සමඟ ඇතිකරගත් එකඟතාවක් මත වර්ජනය අවසන් කළ බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.
රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් දහවල් 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.