මරණ 4,700 ඉක්මවයි - ඊයේ මරණ 82 ක්
Thursday, 05 August 2021 - 9:04 | Views - 383
තවත් කොරෝනා මරණ 82 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,700 සීමාව ඉක්මවා ගියා.

එය දැක්වුණේ 4,727 ක් ලෙසයි. නව ආසාදිතයන් 2,561 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ තුන්ලක්ෂ 18,755 ක් ලෙසයි.

නව ආසාදිතයන්ගෙන් 2,543 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 18 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 29,586 දෙනෙකු තවදුරටත්  රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 84,522 ක්.

මේ අතර තුන්වන  කොරෝනා රැල්ලෙන් ආසාදිතයන් වාර්තාවීම තවමත් වැඩි වශයෙන් සිදුවනවා.

ඒ  හේතුවෙන් රෝහල්වල ධාරිතාවද මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර ඊශ්‍රායලය හා ජර්මනිය විසින් ආරම්භ කර ඇති කොරෝනා තුන්වන මාත්‍රාව ලබාදීමේ වැඩ සටහන් ලබන සැප්තැම්බර් අවසානය දක්වා අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.

ඒ, ලොව පුරා ධනවත් රටවල් විසින් තම වැසියන්ට කොරෝනා එන්නත් ලබා දුන්නද දිළිදු රටවල්වල වැසියන්  සියයට 1.5ක් ප්‍රමාණයකටවත් එන්නත් ලබාදීමට නොහැකිවීම හේතුවෙන්.

මේ නිසා තුන්වන මාත්‍රාවක් ලබාදීම අත්හිටුවා ඒවා දිළිඳු රටවල එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමුකරන ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ඉල්ලීමක් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top