සමාජ මාධ්‍ය නියාමනයට යෝජනාවක්
Thursday, 05 August 2021 - 8:35 | Views - 4,934
මහාධිකරණවල විභාග කෙරෙන ළමා අපචාරවලට අදාළ නඩු සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසු එකඟතාවකට පැමිණ ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ප්‍රකාශ කළා.  

මීට අමතරව අදාළ දිනයේදී ළමයින්ට සම්බන්ධ නඩුවලට ප්‍රමුඛතාව ලබාදීමටත් එම නඩු හඳුනාගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටත් අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහාධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛයක්ද යොමුකර ඇති බව සඳහන්.

පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමකදී මේ බව අනාවරණ වූයේ ඊට කැඳවා තිබූ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කළ කරුණු දැක්වීමේදියි.

මීට අමතරව වින්දිත දරුවන් උසාවිවලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථානවල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 9 ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය තුළ ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති විමසීම් සංඛ්‍යාව 55,000 ක්. මීට අමතරව පසුගිය මාස හය තුළදී පමණක් ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4,740 ක් ලැබී තිබෙනවා.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ළමයින්ට සිදුවන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවති අතර, එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටියේ ළමා අපචාරවලට සමාජ මාධ්‍ය බොහෝ සෙයින් දායකවන බැවින් ඒවා නියාමනය කිරීමට කටයුතු කළ යුතු බවයි.

එසේම සමාජ මාධ්‍ය තහනම් කළ යුතු බවටද තමා අදහස් කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top