බිරිඳට අතේ මාට්ටු වූ සැමියාගේ අමුතු කෙරුවාව
Tuesday, 03 August 2021 - 15:51 | Views - 5,377
“දරුවාට අසනීපයි.. ඉක්මණින් ඇවිල්ලා යන්න පුළුවන්ද ඔයාට..”
“බෑ ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා..
එන්න විදිහක් නෑ..”

කාර්යාලයේ හදිසි වැඩක් යැයි කියමින් තමා එනවිට රෑ බෝවනවා යයි දුරකතන ඇමතුමක් ලබාදුන් සැමියා නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකින් කාර්යාලයේම සේවිකාවක සමග එනු බිරියගේ අතටම හසුවී අලි ජංජාලයක්වූ ආරංචියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

හෙතෙම හවස් භාගයේ සිය නිවෙසට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.

කාර්යාලයේ හදිසි වැඩක් නිසා තමා අද එනවිට රෑ බෝවනු ඇතැයි කියමිනි.

කොරෝනා නිසා කාර්යාලයට කැඳවා ඇත්තේ ඉතා සීමිත පිරිසක් බවත් මේ නිසා තමාට කාර්යාලයෙන් පවරපු මේ හදිසි වැඩේ කෙසේවත් පැහැර හැරිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

ඔහුගේ දරුවාට හදිසියේම උණ ගන්නේ එදින හවස් වරුවේදීය. රටේ පවතින මේ කොරෝනා තත්ත්වය නිසා ඔහුගේ බිරිය ඉතා කලබල වූවාය.

ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන්නද එය ක්‍රියාවිරහිත කොට තිබූ බැවින් සිය දරුවාගේ අසනීප තත්ත්වය දැන්වීමට නොහැකි විය.

දරුවාගේ අසනීප තත්ත්වය එන්න එන්නම වැඩිවූ නිසා ඇය දන්නා ත්‍රිරෝද රථයකින් දරුවා නගරයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට රැගෙන ගියාය.

බෙහෙත් ශාලාවෙන් නියම කළ බෙහෙත් වර්ගයක් ගැනීමට ඇය පාගමනින් ඔසුසලට ගියේ ඒ ආසන්නයේම තිබූ බැවිනි.

ඒ යන අතරමග සිය සැමියා කාමර කුලියට දෙන ස්ථානයකින් මතුවනු ඇය දුටුවාය. ඒ තනියම නොව ඔහු සේවය කරන ආයතනයේම සේවිකාවකද සමගය.

මේ දර්ශනය දුටු ඇය යක්ෂාවේෂ වූවාය.

තමන් ආ කාරණයත් අමතකවූ ඇය සැමියාගේ ඇඳුමේ එල්ලී මිනිහෝ ඔය කාර්යාලයේ හදිසි වැඩ කරනවා දැයි කියමින් එතන යකා නැටුවාය. ඒ සමගම ඔහු සමග පැමිණි සේවිකාව වාෂ්පවී සිටියාය.

ඒ 
සමගම එකා දෙන්නා එතනට රැස්වීමට පටන් ගැනීමත් සමගම ඔහු භාර්යාවගෙන් බේරී දිවගියේලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ලංකාදීප පුවත්පත..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top