මෙරට අවසන් ඔලිම්පික් සිහිනය අද
Tuesday, 03 August 2021 - 8:52 | Views - 1,247
මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අවසන් තරගකරු වන මැතිල්ඩා ක්ලාසන් අද තුරඟ තරග ඉසව්වට සහභාගි වීමට නියමිතයි.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු වැන්නා වූයේ ද 36 හැවිරිදි මැතිල්ඩා ක්ලාසන්.
මෙරට තුළ ආධුනික මට්ටමේ පවතින මෙම ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගි වන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි.
මැතිල්ඩා ක්ලාසන් මෙම තරගයට එක්කර ගන්නා අශ්වයාගේ වටිනාකම යුරෝ මිලියන 6ක් එනම් රුපියල් කෝටි 142ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇය සහභාගි වන තුරඟ තරග ඉසව්ව මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
මැතිල්ඩා ක්ලාසන් 13 වන තරගකරුවා ලෙසයි එම ඉසව්වට සහභාගි වන්නේ. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 70 දෙනෙකු සහභාගි වනු ඇති.
Share This Article