මත්ද්‍රව්‍ය භාවිතා කරමින් වාහන පදවන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික පහසුකම් හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඔවූන් පෙන්වා දෙන්නේ මාර්ග නීතී උල්ලංඝනය කරන රියදුරන්ට දඩ මුදල් ගෙවීම සඳහාද පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි.
ඒ අනුව තමාගේ මුදල් කාඩ්පත හරහා හෝ වෙනත් ක්‍රමයකට එම දඩය ගෙවීමට ඉදිරියේදී හැකි වනු ඇති.
එමෙන්ම මාර්ග නීති උල්ලංඝනය කරන පිරිසට දඩ මුදල් අනුව ලකුණු අඩු කරන ක්‍රමවේදයක් ගැනද අවදානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.