වත්තලට හෙට පැය 24ක ජල කප්පාදුවක්
Monday, 02 August 2021 - 16:07 | Views - 771
හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්රධාන නළ මාර්ගයට ඒවා සම්බන්ධ කිරීම හේතුවෙන් හෙට (03) පැය 24 ක කාලයක් වත්තල ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය ප්රකාශ කළා.
ඒ අනුව හෙට උදෑසන 10 සිට අනිද්දා උදෑසන 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වත්තල - මීගමුව පාරේ කොටසකට, මාබෝල කොටසකට, වැලිකඩමුල්ල, හැඳල පාර - නායකකන්ද හන්දිය දක්වා සියලු ම අතුරු මාර්ග වලටයි.
එසේම අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇති.
Share This Article