සෞඛ්‍ය නීති උපරිමයෙන් පිළිපදින්න - දුම්රිය සාමාන්‍යාධිකාරී
Monday, 02 August 2021 - 13:01 | Views - 651
අද සිට නව සාමාන්‍යකරන නීති රීති ඔස්සේ ආරම්භ කෙරුණු රාජ්‍ය සේවයට පහසුකම් සැලසීමේ අරමුණින් දුම්රිය සේවාවන් වැඩි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා

ඒ අනුව අද (02) උදෑසන සිට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අතිරේක අන්තර් පළාත් දුම්රිය වාර පහළවක් පමණ ක්‍රියාත්මක කළ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා පවසන්නේ.
 
මීට අමතරව ලබන සතිය වන විට අවශ්‍යතාවය අනුව දුම්රිය ගමන් වාර ප්‍රමාණය තවත් වැඩි කිරීමට අදාල නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ඔහු කියා සිටියා.

පිට පළාත්වල සිට පැමිණෙන මෙම අතිරේක දුම්රිය 15 නැවතත් සවස අදාළ ගමනාන්ත කරා ගමන් කරන බවත්, ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නොත් නගරාන්තර දුම්රිය ධාවනය සඳහාත් කටයුතු කරන බවත් දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පැවසුවා.

එමෙන්ම බස්නාහිර පළාත, උතුරු පළාත, සහ මධ්‍යම පළාත තුළත් එම පළාත්වලට මගී ජනතාවගේ පහසුව සඳහා පළාත් වලට සීමා වූ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු කියා සිටියා.
 
දුම්රිය දෙපාර්තමේන්තුව මේ අසීරු අවස්ථාවේදී මගී ප්‍රවාහනය සඳහා හැකිතාක් දුම්රිය ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, ඉදිරියේ දී එම ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවත් දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසනවා.  

පොදු ප්‍රවාහණ සේවාවන් භාවිතා කිරීමේ දී රජය මගින් ලබාදී ඇති සෞඛ්‍යය නියෝග අකුරටම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත්, තවත් දුම්රිය පොකුරක් ඇතිවීමට කටයුතු නොකරන ලෙස දුම්රිය සියලු මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් දුම්රිය සාමාන්‍ය සාමාන්‍යාධිකාරිවරයා මෙහිදී කියා සිටියා.

තමන් පෞද්ගලිකවම දුම්රිය ස්ථාන කිහිපයක් පරීක්ෂාකර බැලූ බවත් එම ස්ථාන වල ඇති සනීපාරක්ෂක පහසුකම් සෞඛ්‍ය නීති රීතිවලට අදාළ වන ලෙස වැඩිදියුණු කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු පවසනවා.
 
අපි සැම දෙනාම රටේ පුරවැසියන් විදියට තම ආරක්ෂාව ගැන සැළකිලිමත්ව සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති උපදෙස් තරයේ පිළිපැදීමට කටයුතු කරන ලෙසත් දුම්රියේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම, දුම්රිය ස්ථානයට ඇතුළුවීමට පෙර අත් සෝදා ගැනීමට අනිවාර්‍යයෙන් කටයුතු කරන ලෙසත් දුම්රිය සාමාන්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටිනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top