ඔලිම්පික් මල්කළඹ පිටුපස ඇති සංවේදී කතාව
Monday, 02 August 2021 - 11:25 | Views - 689
ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ සිහිනයක් සැබෑ වන මොහොතකි. 
 
සාම්ප්‍රදායිකව ජයග්‍රාහකයන් හට ඔලිම්පික් පදක්කම සමග මල්කලඹක් ද ලබාදෙනු ලැබේ. 

ඒ අයුරින් මෙවර මල්කලඹ 5,000ක් පමණ ලබාදෙන අතර, ඒවා පසුපස අපූරු කතාපුවතක්ද තිබේ.
 
මෙම විශේෂත්වය වන්නේ මේ සඳහා යොදාගෙන ඇති මල් ප්‍රධාන වශයෙන් වගා කර ඇත්තේ 2011 භූමිකම්පාව හා සුනාමියෙන් විනාශයට පත් වූ ඊසාන දිග ජපානයේ දිස්ත්‍රික්ක තුනක වීමයි.
 
ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් යන ක්‍රීඩා උළෙල ද්විත්ය තුළදීම ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පිදෙන මෙම මල්කළඹේ ඇති කහ, කොළ හා නිල් පැහැ මල් සම්පූර්ණයෙන්ම පාහේ වගා කර ඇත්තේ ඉවාතෙ, ෆුකුෂිමා හා මියාගි යන මෙම දිස්ත්‍රික්ක වලයි. 
 
ඉහත ඛේදවාචකය හේතුවෙන් මෙම දිස්ත්‍රික්ක වල පුද්ගලයන් 20,000ක් පමණ මියගොස් තිබුණි.
 
මල් කළඹේ කැපී පෙනෙන සූරියකාන්ත මල් මියාගි දිස්ත්‍රිකකයේ වගා කර ඇත. 
 
ඒවා රෝපනය කර තිබෙන්නේ ව්‍යසනයෙන් මියගිය දරුවන්ගේ දෙමාපියන් විසිනි. 
 
සුනාමියෙන් රැකවරණය පතා සිය දරුවන් ගිය කඳු බෑවුමක් මේ සඳහා තෝරාගෙන තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
සියුම් සුදු සහ දම් පැහැති Eustomas හා Solomon's seals යන මල් වගා කර ඇත්තේ ෆුකුෂිමා වලයි. 
 
2011 ව්‍යසනයෙන් තදබල පහරක් එල්ල වූ ප්‍රාදේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ආරම්භ කළ ලාභ නොලබන වැඩසටහනක් යටතේ මෙම මල් වගා කර ඇත.
 
කුඩා නිල් පැහැ Gentians මල් වවා ඇත්තේ 2011 සුනාමි රළ පහරින් විනාශයට පත් වූ වෙරළබඩ ප්‍රදේශයක් වන ඉවාතෙ හි ය.
 
2020 ඔලිම්පික් සත්කාරකත්වය හිමි ටෝකියෝ නගරය නියෝජනය කිරීමට එම නගරයේ වගා කරන ලද කොළ පැහැති Aspidistras මල් වලින් හා මෙවර ඔලිම්පික් උළෙලේ නිල සුරතලා වන මිරයිටෝවා මෙම මල්කළඹ සම්පූර්ණ වේ.
 
බීබීසී ඇසුරෙනි

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top