දුර ගමන් සේවා දුම්රිය 30ක් කොළඹට
Monday, 02 August 2021 - 8:26 | Views - 552
රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට සමගාමීව අන්තර් පළාත් දුර ගමන් සේවා දුම්රිය 30 ක් අද සිට යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර කියා සිටියේ දුම්රිය මගීන් ප්‍රමාණය අනුව මේ සතියේදී ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව තවදුරටත් ඉහල නැංවීමට සැලසුම් කර ඇති බවයි.
අන්තර් පළාත් ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථද ඊයේ සිට ධාවනයට එක් කර තිබුණා.
Share This Article