රාජ්‍ය සේවකයින් සඳුදා සිට සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි - ගුරුවරුන්ට කැඳවීමක් නැහැ (Video)
Saturday, 31 July 2021 - 14:48 | Views - 1,753
රාජ්‍ය සේවය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වුව ද එය ගුරුවරුන්ට බලනොපාන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

රජයේ ආයතන අනිද්දා සිට මුළුමනින්ම විවෘත වුව ද, තවදුරටත් පාසල් වසා තැබීම ඊට හේතුවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගුරුවරුන් සේවයට කැඳවීමට නම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පාසල් විවෘත කර සියලු ගුරුවරුන් සේවයට කැඳවිය යුතු බවයි.

එවැනි තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ දක්වා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර නැහැ.

මේ අතර ගුරු සංගම් පවසන්නේ අනිද්දා සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන බවයි.

කඩිනම් විසඳුමක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත විරෝධතා ක්‍රියාමාර්ග අඛන්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවාත්ති අංශයට සඳහන් කළා.  

මේ අතර, කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ ඔන්ලයින් වර්ජනය අද 20 වන දිනටත් ක්‍රියාත්මකයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා ගුරු සංගම් නියෝජිතයින් රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමියන් බැහැදුටුවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top