ඉෂාලිනි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද
Saturday, 31 July 2021 - 11:18 | Views - 191
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය ඉෂාලිනි ජූඩ් දැරියගේ මෘත ශරීරය පිළිබඳ 02 වන පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.
ඒ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි.
හැටන් - ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ මෘත ශරීරය අධිකරණ නියෝග මත ඊයේ (30) ගොඩගනු ලැබූවා.
ඒ, නුවරඑළිය මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකීර්ති ඉදිරියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුවයි.
විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහ කොළඹ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඊට එක්ව සිටියා.
ගොඩගත් දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි පියවර ගැණුනේ.
දැරිය මියයාමේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.
Share This Article