ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ගැන රහස්‍ය වාර්තාවක් ප්‍රකාශයට
Saturday, 31 July 2021 - 10:26 | Views - 3,379
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය අනෙකුත් සියලු වෛරස අභිබවා දැඩි රෝගාබාධ තත්ත්වයන් ඇති කළ හැකි බවත්, පැපොල රෝගය මෙන් පහසුවෙන් පැතිරිය හැකි බවත්, අමෙරිකානු
වසංගත රෝග පාලන ආයතනයේ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

ප්‍රසිද්ධියට පත් නොකළ එම වාර්තාවේ පිටපතක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ලැබී ඇති අතර, එහි දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගෙන් පවා එන්නත් නොකළ පුද්ගලයින් සේම වෛරසය පැතිරවීමට හැකියාවක් ඇති බවයි.

එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගේ පවා නාස් කුහර සහ උගුරේ සමාන වෛරස් ප්‍රමාණයක් පැවතිය හැකිවීම ඊට හේතුව බව අමෙරිකානු සී.ඩී.සී. ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොචෙල් වැලැන්ස්කි ඉදිරිපත් කර ඇති එම වාර්තාවේ දැක්වෙනවා.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මර්ස්, සාර්ස්, එබෝලා, වසූරිය සහ සාමාන්‍ය ප්‍රතිශ්‍යාවටත් වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බී එක 617 දෙක ලෙස නම් කෙරුණු මුල්වරට ඉන්දියාවෙන් සොයාගත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය දරුණු රෝගාබාධ තත්ත්වයක් ඇති කරන නිසා වෛරසයට එරෙහි සටන වෙනස් වී ඇති බවයි අමෙරිකානු අභ්‍යන්තර වාර්තාවේ සඳහන් කර ඇත්තේ.

පූර්ණ එන්නත්කරණය ලැබූ අමෙරිකානුවන් අතරින් 35,000 කට පමණ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වී තිබූ බව වාර්තාවේ සඳහන් තවත් කරුණක්.

කෙසේ නමුත්, එන්නත් මගින් කොරෝනා ආසාදනය නිසා ඇතිවන බරපතල රෝගාබාධ තත්ත්වය 90% ක් පමණ වළක්වන බවද එමඟින් අවධාරණය කර තිබෙනවා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top