තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක්
Friday, 30 July 2021 - 14:24 | Views - 689
රත්නපුර - රක්වාන ප්‍රදේශයෙන් හමුවූ තවත් විශාල නිල් මැණික් පොකුරක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා.
කිලෝග්‍රෑම් 80ක් බරැති මෙම නිල් මැණික් පොකුර, එහි හිමිකරුවන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අර්ල් ගුණසේකර විසින් වෙන්දේසි කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇති බව සඳහන්.
ඒ අනුව එම මැණික් පොකුර ලබන නොවැම්බරයේ චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙන්දේසියකදී වෙන්දේසි කිරීමට නියමිත බව සඳහන්.
මැණික් පොකුරේ හිමිකරු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර සඳහන් කළේ ඒ සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මිලක් අපේක්ෂා කරන බවයි.
Share This Article