බස්නාහිර ආසාදිතයින් ඉහළට - එන්නත් පොකුරක් ගැනත් අවධානය
Friday, 30 July 2021 - 13:57 | Views - 6,616
ගතවූ දින 7 දී ජනගහණයට සාපේක්ෂව කොරෝනා මර්දන එන්නත්කරණය සිදු කිරීම අතින් ශ්‍රී ලංකාව ලොව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේදී ලබා දුන් කොරෝනා මර්දන එන්නත් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගියේ යළි මෙරට එන්නත්කරණ වාර්තාව අලු‍ත් කරමින්.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා පන්ලක්ෂ 15,830 ක් ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඒ යටතේ පුද්ගලයින් 418,494 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබීමත් විශේෂත්වයක්.

එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 56,738ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 38,430 දෙනෙකුට ලබාදී  ඇති අතර මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2,186 දෙනෙකුට ගෙවුණු දිනයේදී ලබා දී තිබෙනවා.

මේ අතර,  ගතවූ දින 7  තුලදී  ජනගහණයට සාපේක්ෂව කොරෝනා මර්දන එන්නත් ලබාදීම අතින් ශ්‍රී ලංකාව ලොව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ පුද්ගලයින් 100 දෙනෙකු අතරින් එන්නත් ලැබූ සංඛ්‍යාවේ සාමාන්‍ය සැලකූ විටයි.

මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය ඉක්වදෝරයට හිමිවන අතර චීනය තුන්වැනි ස්ථානයේ පසුවනවා.

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2,370 ක් හඳුනාගත්තේ දින 36 කට පසු යළි දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා යමින්.

අවසන් වරට කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවා ගොස් තිබුණේ පසුගිය ජූනි 23 වැනිදායි.

බස්නාහිර පලාතේ රෝහල් වලට රෝග ලක්ෂණ සහිතව පැමිණෙන කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

එන්නත් ලබාගැනීමට පැමිණෙන ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම හේතුවෙන් ඒ ආශ්‍රිතව කොරෝනා වෛරස ව්‍යාප්තියක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top