රිෂාඩ්ගේ නිවසේදී අවසන් ගමන් ගිය ඉෂාලිනීගේ දේහය ගොඩගනී (Photos)
Friday, 30 July 2021 - 13:52 | Views - 305
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය, ගොඩගෙන තිබෙනවා.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.





























පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය, අධිකරණ නියෝග මත ගොඩගැනීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා.

හැටන් - ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ ඉෂාලිනි ජූඩ් දැරියගේ සිරුර මෙලෙස ගොඩගනු ලැබුවේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.

මේ සඳහා ඒ වෙනුවෙන් පත් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සහ නුවරඑලිය මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකීර්ති එක්ව සිටිනවා.

මහේස්ත්‍රාත්වරිය සහ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය දේහය භූමදාන කර ඇති ස්ථානයට පෙරවරු 8.30ට පමණ පැමිණියා.

එම ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර, එම ස්ථානයේ හිෂාලිනි ජූඩ් දැරියගේ මව ඇතුළු පවුලේ ඥාතීන් ද එක්ව සිටියා.

දේහය ගොඩගැනීමෙන් අනතුරුව එය දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඒ අනුව, මෘත ශරීරය සම්බන්ධයෙන් වන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී සිදුකිරීමට නියමිත බවයි.

දැරිය මියයාමේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top