දිනෙක වැඩිම එන්නත්කරණය ඊයේ - පන්ලක්ෂයේ සීමාවත් ඉක්මවා යයි
Friday, 30 July 2021 - 9:54 | Views - 341
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ ලබාදී තිබෙනවා.ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් පන්ලක්ෂ 15,830 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ. එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාරලක්ෂ 18,494 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 56,738 ක්.එසේම, ෆයිසර් එන්නත් මාත්‍රා 38,430 ක්ද ඊයේ ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය, චන්න ජයසුමන ප්‍රකාශ කළා.මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ පුද්ගලයින් 2,168 දෙනෙකුට ලබාදී තිබෙනවා.

Share This Article