දිනෙක වැඩිම එන්නත්කරණය ඊයේ - පන්ලක්ෂයේ සීමාවත් ඉක්මවා යයි
Friday, 30 July 2021 - 9:54 | Views - 342
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් පන්ලක්ෂ 15,830 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි ඖෂධ නිෂ්පාදනය,

සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ. එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාරලක්ෂ 18,494 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 56,738 ක්.

එසේම, ෆයිසර් එන්නත් මාත්‍රා 38,430 ක්ද ඊයේ ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය, චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ පුද්ගලයින් 2,168 දෙනෙකුට ලබාදී තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top