ගෘහස්ථ වයර් මිල අඩු වෙයි
Friday, 30 July 2021 - 9:43 | Views - 21,491
ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල 11% කින් අඩු කිරීම සඳහා නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන මාධ්‍ය හමුවක් ඊයේ සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
වයර් නිෂ්පාදනය සදහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල ඉහලයාම හේතුවෙන් පසුගිය දිනයන් තුලදී ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ඉහල ගොස් ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්තා වලින් පෙන්වා දී තිබෙනවා.
සමාගම් සමග සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව එළඹෙන අගොස්තු 01 සිට 11% කින් ඔවුන්ගේ නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමාගම් එකඟතාවය පළ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ.
Share This Article