බදියුදීන්ගේ නිවසේ මියගිය මෙහෙකාර දැරියගේ දේහය අද ගොඩ ගැනේ (Photos)
Friday, 30 July 2021 - 9:09 | Views - 362
අධිකරණ නියෝග මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය හිෂාලිනි ජූඩ් දැරියගේ දේහය අද ගොඩගැනීමට නියමිතයි.

ඒ, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.

නිරෝධායන උපදෙස්වලට අනුකූලව උදෑසන 8.30 ට පමණ ඒ සඳහා පත් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ සහ නුවරඑලිය මහේස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ දේහය ගොඩගැනීමට නියමිත අතර, පසුව එය දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන අංශයේ නිලධාරින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කළා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2010 වසරේ සිට සේවය කර ඇති මෙහෙකාරියන් 11 දෙනාගෙන් පස් දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි හිෂාලිනී දැරිය එම නිවසේදිී පිළිස්සී මිය යාමේ සිද්ධිය පිළිබඳව මේ දිනවල දේශපාලන කරළියේ විවිධ අදහස් පළ වනවා. 








































Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top