සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු මරුට
Thursday, 29 July 2021 - 17:10 | Views - 507
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම සම්භාහන මධ්‍යස්ථානය තුලදීම මියගොස් තිබෙනවා.

තලංගම පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා අද 29 අලුයම 5.10ට පමණ සම්භාහනයක් සිදුකර ගැනීම සඳහා පැමිණ ඇති අතර පැමිණ සුලු වේලාවකින් ඔහු මරණයට පත්ව ඇති බවයි.

මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක විවාහක පුද්ගලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහුට සේවය සැපයූ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා අයිස් සහ ගංජා යන මත්ද්‍රව්‍ය දෙකට අමතරව බීමතින් ද සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔහුට හදවත් සැත්කමක් සිදුකර තිබී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

මෙම පුද්ගලයා සිය බිරිඳ සමග ගම්පහ ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසේ සති දෙකක පමණ කාලයක් සිට යළිත් නිවසට තනිව පැමිණ සිටියදී ඔහු සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර තලංගම පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top