හිෂාලිනීගේ දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසට නියෝගයක්
Thursday, 29 July 2021 - 15:58 | Views - 197
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය හිෂාලිනි දැරියගේ දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන අංශයේ නිලධාරින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂිකා කුමාරි ජයරත්න හමුවේ නිලධාරින් කරුණු දක්වමින් සඳහන් කළේ දැරියගේ මෘත දේහය ගොඩගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී ඇති බවයි.

හෙට දිනයේ දැරියගේ සිරුර ගොඩගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් නුවරඑළිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ඒ අනුව, නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුව සිරුර ගොඩගෙන දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගෙන යන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

මේ වනවිට දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්තේ බටහිර කොටසේ පොදු සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top