පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගීන්ට සීමාවකින් තොරව පැමිණීමට අවසර
Thursday, 29 July 2021 - 14:51 | Views - 1,438
පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ ගුවන් මගීන් සඳහා ගුවන් යානයක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාවට පනවා තිබූ සීමාව සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඉවත් කර තිබෙනවා.
ඒ සඳහා ඔවුන් අදාළ එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලබා දින 14 ක් ගත වී තිබිය යුතු අතර, එම එන්නත්කරණ සහතික ඉදිරිපත් කළ යුතුයි.
එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක ජෛව බුබුළ වැඩසටහන යටතේ පැමිණෙන ගුවන් මගීන්ට ද එම සීමාව බලනොපවත්වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
එලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව බුබුළ ඔස්සේ නොපැමිණෙන සහ පූර්ණ එන්නත්කරණය නොලැබූ ගුවන් මගීන් 75 දෙනෙකුට පමණක් එක් ගුවන් යානයකින් පැමිණිය හැකි බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ලබන පළවනදා සිට මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වන අතර, ඉහත සෑම ආකාරයකින්ම පැමිණෙන ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඔවුන් පැමිණෙන අවස්ථාවේ පනවා ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතු වනවා.
Share This Article