පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගීන්ට සීමාවකින් තොරව පැමිණීමට අවසර
Thursday, 29 July 2021 - 14:51 | Views - 1,439
පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ ගුවන් මගීන් සඳහා ගුවන් යානයක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාවට පනවා තිබූ සීමාව සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඉවත් කර තිබෙනවා.

ඒ සඳහා ඔවුන් අදාළ එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලබා දින 14 ක් ගත වී තිබිය යුතු අතර, එම එන්නත්කරණ සහතික ඉදිරිපත් කළ යුතුයි.

එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක ජෛව බුබුළ වැඩසටහන යටතේ පැමිණෙන ගුවන් මගීන්ට ද එම සීමාව බලනොපවත්වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව බුබුළ ඔස්සේ නොපැමිණෙන සහ පූර්ණ එන්නත්කරණය නොලැබූ ගුවන් මගීන් 75 දෙනෙකුට පමණක් එක් ගුවන් යානයකින් පැමිණිය හැකි බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ලබන පළවනදා සිට මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වන අතර, ඉහත සෑම ආකාරයකින්ම පැමිණෙන ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඔවුන් පැමිණෙන අවස්ථාවේ පනවා ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතු වනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top