ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල මගී ගුවන් යානා එක්සත් අරාබි එමීරයට ඇතුළුවීම අගෝස්තු 7 දක්වා තහනම්
ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණෙන මගී ගුවන් යානා සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ තහනම අගෝස්තු 7 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, ඩුබායිහි ප්රමුඛ ගුවන් සේවය වන එමිරේට්ස් නිවේදනය කළේ ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල නිෂ්චිත මගී ගුවන් ගමන් එතෙක් අත්හිටුවා ඇති බවයි.
එමෙන්ම, පසුගිය දින 14 තුල ශ්‍රී ලංකාව ඇතුළු එම රටවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට එක්සත් අරාබි එමීරයේ වෙනත් ගමනාන්තයන් වෙත ද ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
මේ අතර, ඉන්දියාවේ සිට පැමිණෙන මගී ගුවන් යානා ජුලි 7 වනදා දක්වා අත්හිටුවා ඇති බව අබුඩාබි සිට ක්‍රියාත්මක එටිහාඩ් ගුවන් සේවය ද ප්‍රකාශ කළා.