අනියම් පෙම්වතා සමග එක්ව මවක් බිළිඳෙකුට කළ අපරාධය (Video)
Thursday, 29 July 2021 - 8:52 | Views - 2,121
මාස 6ක් වයසැති බිළිඳෙකු සිය මව හා ඇගේ අනියම් පෙම්වතා විසින් පුළුස්සා හිංසනයට ලක්කිරීමේ ඛේදනීය පුවතක් ජාඇළ - තුඩැල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

හිංසනයට ලක්වූ බිළිඳා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මේවන විට මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන මාස 6ක් වයසැති බිළිඳාගේ මව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට මීට මාස කිහිපයකට පෙර සිරගත කර තිබෙනවා.

ඒ අතරතුර බිළිඳාගේ පියාද පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් අත්අඩංගුවට පත්ව දැනට සිටින්නේ සිරගතවයි.

දඩුවම් කාලය නිම කරමින් යළි පැමිණි බිළිඳාගේ මව සිය අනියම් පෙම්වතා සමග අදාළ බිළිඳා වෙනත් ස්ථානයකට ගෙනගොස් දින 20ක පමණ කාලයක් විවිධ හිංසනවලට ලක්කර ඇති බවට බිළිඳාගේ පියා චෝදනා කරනවා.

බිළිඳාගේ පියා මේ පිළිබඳව පැමිණිලි කිරීමට ජාඇළ පොලිස් ස්ථානයට පැමිණි පසු එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ බිළිඳා ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් එම වාර්තාව මෙතෙක් ලැබී නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට ජාඇළ සහ සීදුව පොලිස් ස්ථාන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top