දෙවන විස්සයි විස්ස කල්යයි
Tuesday, 27 July 2021 - 16:13 | Views - 1,194
ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කුනාල් පාණ්ඩයා හට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන පන්දුවාර 20 තරඟය හෙටට (28) කල් දමා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පවසා සිටියේ, දැනට පවතින තත්ත්වය අනුව, හෙට (28) දින තරගය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

මේ වන විට ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැඳි ලබා ගැනීම සිදු කෙරෙන බවත්, ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පෙරේදා (26) තරගයේදී එකිනෙකා මුණගැසුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම යම් අවදානමක සිටීදැයි කළ විමසීමට පිළිතුරු වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ, මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ඇන්ටිබොඩි සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර ඒවායේ ප්‍රතිඵල ධනාත්මක බවයි.

යම් හෙයකින් අද (27) පීසීආර් පරීක්ෂණවලදී ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් හට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත්, හෙට තරගය පැවැත්වීම පිළිබඳව නැවත සලකා බැලීමට සිදුවන බව, ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top