හෙද හෙදියන් හෙට සිට වැඩ වර්ජනයක
Tuesday, 27 July 2021 - 13:04 | Views - 631
හෙට දිනයේ දිවයින පුරා රෝහල් 100 ක හෙද හෙදියන් දහවල් 12 සිට 1 දක්වා වැඩ වර්ජනයක යෙදෙන බව අද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ඔවුන් ඉල්ලූ ඉල්ලීම් නොලැබීම හේතුවෙන් මේ ආකාරයේ වැඩ වර්ජනයකට යන බවයි.
කෙසේ වෙතත් වැඩවර්ජන සිදු වුවද අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව කරගෙන යන බවත් ඒ අතරම විරෝධතාවයන් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
මෙහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ හෙට දිනයේ දී මේ සඳහා නිසි පිළිතුරක් නොලැබුන හොත් ඉදිරි දින හතෙන් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි.
Share This Article