අනාවැකිය අසා දුවගේ දරුගැබ නැති කළ නරුම අම්මා
Tuesday, 27 July 2021 - 11:24 | Views - 739
තම දියණියගේ ප්‍රථම දරු උපතින් පසුව එම දියණිය මියයන බවට ජේ‍යාතිෂවේදියකු පැවැසූ අනාවැකියක් හේතුවෙන් සිය විසිතුන් වියැති ගැබිනි දියණිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දින 05ක් තිස්සේ රහසිගතව රඳවාගෙන ඇගේ දරු ගැබ විනාශ කළ බවට චෝදනා ලැබූ කාන්තාවක් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය නාහේන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 51 හැවිරිදි මෙම කාන්තාවගේ දියණිය මීට වසර පහකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාවකින් විවාහ වී තිබෙනවා.

එම විවාහය හා තම බෑනා පිළිබඳව මෙම කාන්තාව දැඩි අකැමැත්තකින් පසුවී ඇති අතර පසුව එම කාන්තාව ජේ‍යාතිෂවේදියකු හමුවී එම විවාහය පිළිබඳව තොරතුරු අසා තිබෙනවා. එහිදී ජේ‍යාතිෂවේදියා පවසා ඇත්තේ ඇගේ දියණියට වයස අවුරුදු 24 මාස 10 යන තුරු දරුවකු ප්‍රසූත කිරීමට සුදුසු නැති බවත් ඊට පෙර ගැබ් ගැනීමක් සිදුවුවහොත් පළමු දරු උපතේදී එම මව හෝ උපදින දරුවා මියයන බවයි.

මෙම අනාවැකියත් සමඟ සිය දියණිය ගැබ් ගන්නා තෙක් දැඩි විමසිල්ලෙන් පසු වූ මැය සිය දියණිය ගැබ් ගැනීමෙන් පසුව එම දරු ගැබ විනාශ කිරීමට උපායක් සොයමින් සිටි බවයි පැවසෙන්නේ. ඒ අනුව දියණියගේ ස්වාමියා නිවෙසේ නොමැති අවස්ථාවක පසුගියදා (15දා) තවත් දෙදෙනකුගේ සහායෙන් දියණිය වෑන් රථයකින් පැහැරගෙන ගොස් කෑගල්ල ප්‍රදේශයේ නිවෙසක රහසිගතව දින පහක් රඳවාගෙ තබාගෙන වත්තල ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් බව කියන ස්ථානයකින් ලබාගත් දරු ගැබ විනාශ කළ හැකි විස සහිත පෙති වර්ගයක් සිය දියණියට බලහත්කාරයෙන් පොවා තවත් පෙති හතරක් බලහත්කාරයෙන්ම ඇගේ සිරුරට ඇතුළු කර ඇති බව පොලිසිය පවසයි.

පසුව දියණිය සිය මව නිවෙසේ නොමැති අවස්ථාවක රඳවාගෙ සිටි නිවෙසින් පැන ගොස් කෑගල්ල නගරයට පැමිණ තම සැමියාට දුරකථන ඇමැතුමක් දී මෙම අකරතැබ්බය ඔහුට පවසා තිබෙනවා. ඒ අනුව ඇගේ සැමියා වහා කෑගල්ලට ගොස් ඇය රැගෙන පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබෙන අතර පසුව පෑලියගොඩ පොලිසිය විසින් මෙම පැමිණිල්ල විභාග කිරීමට කිරිබත්ගොඩ පොලිසියට භාරදී තිබෙනවා. ඒ අනුව ඉකුත්දා (23දා) පැහැර ගැනීම සහ දරුගැබ විනාශ කිරීම සම්බන්ධව එම කාන්තාව කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙම කාන්තාව රජයේ ප්‍රධාන පෙළේ ආයතනයක කළමනාකරණ සහකාර සේවයේ නියුතු අයකු බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් කාන්තාව මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top