කුලියට ගන්නා වාහන විකුණන ජාවාරමක්
Tuesday, 27 July 2021 - 10:15 | Views - 28,058
වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නියැලුණු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 32 හැවිරිදි වියේ පසුවන  ප්‍රමුදිත අරලිය වික්‍රමසිංහ නම් මහනුවර, කොටුගොඩැල්ල වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහනයක් සති දෙකක කාලයක් සඳහා ලබාගෙන ඇති අතර  එලෙස ලබාගෙන ඔහු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු විසින් වාහන කුලියට ලබාදෙන ආයතනය වෙත ලබාදී ඇති ලේඛන ද ව්‍යාජ ඒවා බවටයි අනාවරණය ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් වංචා පිළිබඳව පැමිණිලි 48ක් පමණ ලැබී ඇති බවයි.

සැකකරු සම්බන්ධයෙන් මහනුවර අධිකරණය හමුවේ විවෘත වරෙන්තු 06ක් ද පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන ඊයේ (26) දිනයේදී හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top