ලොව දෙවන තැනට මුඛ පිළිකා වැඩිම රට ශ්‍රී ලංකාව
Tuesday, 27 July 2021 - 8:45 | Views - 730
ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා පිළිබඳ දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එය සිහි කැඳවන්නේ සුවැති මුවකට පුවක් නවතමු යන්න තේමා කර ගනිමින්.

මේ අතර, මුඛ පිළිකා වැඩියෙන්ම වාර්තා වන රටවල් අතර 2 වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ජාතික පිළිකා මර්ධන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කලේ වසරකට මෙරටින් පිළිකා රෝගීන් 31,800 ක් පමණ වාර්තා වන බවයි.

ඉන් 2,700 ක් පමණ මුඛ පිළිකා රෝගීන්.

මුඛ පිළිකා, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන් අතර බහුලව වාර්තා වන අතර පුවක්, දුම්කොළ සහ දුම්වැටි භාවිතය ඊට ප්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අවුරුදු 40ට වැඩි පුද්ගලයන් මුඛ පිළිකා වලට බහුලව ගොදුරු වන පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, පුවක් භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියා රෝගී තත්වය මුඛ පිළිකා දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බව දන්ත වෛද්‍ය විශේෂඥ උදය උස්ගොඩආරච්චි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ගතවූ දශක තුනක කාලය තුළ මෙම රෝගී තත්ත්වය හට ගැනීම නව ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top