මුහුදේ සුළං වේගයේ ඉහළ යාමක්
Monday, 26 July 2021 - 15:55 | Views - 641
මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිලිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි.
එමෙන්ම, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article