සංචාරක හෝටලයකදී ජර්මන් ජාතිකයෙකු හදිසියේ මියයයි
Monday, 26 July 2021 - 15:30 | Views - 459
අලුත්ගම - මොරගල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කලක් තිස්සේ වාසය කළ 78 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු ඊයේ රාත්‍රියේ හදිසියේ මියගොස් තිබෙනවා.
ඔහු, කලක පටන් වෛද්‍ය උපදෙස් මත රෝගාබාධ රැසකට ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෘත දේහය මේ වනවිට නාගොඩ රෝහලට යොමුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
අද පෙරවරුවේ මෘත ශරීරය කොරෝනා පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර, එහි ප්‍රතිඵල පස්වරුවේ නිකුත් වීමට නියමිත බව ද පොලීසිය පැවසුවා.
Share This Article