සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයන් සිටිය හැකියි - සෞඛ්‍ය අංශ (Video)
Monday, 26 July 2021 - 13:19 | Views - 630

මෙරට සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා වෛරසයේ ඩෙල්ටා විකෘති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ අතර, මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වනදා සිට මාර්තු 03 වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ලබන වසරේ ජනවාරි මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස සති කිහිපයකින් කල් දැමූ බවයි.
මේ අතර, යළි සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා සිදුකරන බව රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි පවසනවා.
අවම සේවක සංඛ්‍යාවකින් සේවා පවත්වාගෙන යාමේදී අපහසුතාවලට මුහුණ දෙන බව ඇතැම් ආයතන ප්‍රධානීන් පෙන්වා දී ඇති බවද ඔහු සඳහන් කළා.
මේ අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ සංචරණ සීමා ලිහිල් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව යළි සලකා බැලිය යුතු බවයි.
එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසය තුළ මෙරට ප්‍රධානම වෛරස් ප්‍රභේදය බවට පත්වීමේ අවදානමක් පවතින බැවින් පිරිස් ඒකරාශිවීමේ සංඛ්‍යාව අවම වශයෙන් 50ත්, 60ත් අතර සීමාවේ හෝ සුදුසු පරිදි දැනට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යා යුතු බවයි.
මේ අතර, ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,666 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 360 ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 256 දෙනෙකු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170 දෙනෙකු ඊයේ (25) හඳුනාගෙන තිබුණා.
පවතින තත්ත්වය හමුවේ ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සෑම දිස්ත්‍රික්කයකම මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් සිටිය හැකි බවයි.
Share This Article