ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
නිදහස් පක්ෂය විසින් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබූ අතර, එය පසුගිය 21 වනදා පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත්, එය පසුවට කල් දැමුණු අතර, ඒ අනුව අද පෙරවරු 11 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
මේ අතර, නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්රික්කයේ පළාත් පාලන මන්ත්රීවරුන් 09 දෙනෙකු ඊයේ (25) පක්ෂ විනය කමිටුව හමුවට කැඳවා තිබුණා.