කොරෝනා, දරුවන් අතර පැතිරීම වැඩි වෙයි
Saturday, 24 July 2021 - 13:26 | Views - 849
දෛනිකව මෙරට දරුවන් කොරෝනා වෛරසයට ගොදුරුවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දිනකට දරුවන් 05 ත් 10 ත් අතර ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වන බවයි.

දැනටමත් ළමයින් 500 කට වැඩි ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වී ඇති අතර, සිදුව ඇති කොරෝනා ආසාදිත ළමා මරණ සංඛ්‍යාව 10 ක්.

මේ අතර, ඊයේ (23) දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 1,815 දෙනා අතරින් 438 දෙනෙකුම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ ආසාදිතයන් 364 දෙනෙකු වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රත්නපුරයෙන් 138 දෙනෙකු, කළුතරින් 119 දෙනෙකු ලෙසද ඊයේ ආසාදිතයන් වාර්තාවී තිබෙනවා.

මේ වනවිට අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 02 කට ආසන්න වී ඇති අතර, එය දැක්වෙන්නේ එක්ලක්ෂ 83,880 ක් ලෙසයි.

ඒ අනුව අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන් මෙරට මුළු ආසාදිතයන්ගෙන් සියයට 62 ඉක්මවා තිබෙනවා.

මේ අතර, 2020 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා යළි අවස්ථාව ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කළා.

එලෙස යොමු කරන අයදුම්පත්වල සඳහන් විශ්වවිද්‍යාල අනුපිළිවෙල හෝ පාඨමාලා තොරතුරු අනුපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මේ මස 31 වන දා සිට අගෝස්තු 14 වන දා දක්වා සති දෙකක කාලයක් ලබාදෙන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top